Thursday, August 27, 2009

පාස්කු විස්තර

පිටිපන පාස්කුවට ඔබේ දායකත්වය ලැබුණේ කොහොමද ?

පිටිපන පාස්කුව මුලින්ම කළේ නයිදප්පු පරම්පරාවේ අය විසින් රූකඩ ආධාර කරගෙනයි. දේශනා නවයේ පසන් පොතේ (දුක්ප්‍රාප්ති සංග්‍රහය ) එන දේශනා නවයට අනුව තමයි ඉස්සර පාස්කුව පෙන්නුවේ. නයිදප්පුලාගේ තෝමස් ප්‍රනාන්දු (ඔහු මගේ මාමා) එම පාස්කුවට අවුරුදු 12 දී විතර පොඩි චරිතවලට මම සම්බන්ධ වුණා. ඉන්පසු මගෙ තරුණ වයසේදී තෝමස් ප්‍රනාන්දුගේ පුත් සලමන් ප්‍රනාන්දුගේ පාස්කුවට සම්බන්ධ වුණා. ඔහු තමයි සම්පූර්ණයෙන්ම මිනිසුන් යොදාගත් පාස්කු පිටපත සකස් කළේ. ජුවාම් ගෝලයගේ චරිතය සිට මම විවිධ චරිත නිරූපණය කළා. ඉන්පසු පිලීෂියන් ප්‍රනාන්දු ආචාර්යතුමාගේ ස්වාමිදරුවාණෝ පාස්කු නාට්‍යයේ කි්‍රස්තු චරිතය නිරූපණය කළා. එයින් පසු පිටිපන දේවස්ථානයේ z පිටිපන පාස්කු පුවත ර`ගපාමින් අධ්‍යක්ෂණය කළා. සාමාන්‍යයෙන් පාස්කු ර`ගදැක්වුණේ දූවේ අවුරුදු දෙකක් සහ පිටිපන එක් අවුරුද්දක් වශයෙනුයි.

මේ වසරේදී ර`ගදැක්වුණු පිටිපන පාස්කුව ගැන යමක් කිව්වොත්

පිටිපන දේවස්ථානයට අයත් පාස්කු නාට්‍යය පිටපත ඇසුරු කරගෙන තමයි මෙවර පාස්කු නාට්‍යය ර`ගදැක්වුවේ. පියතුමා විසින් කළ දැනුම්දීමකට අනුව පසුගිය කාලවල පාස්කු නාට්‍යවලට සම්බන්ධ වී සිටි පළපුරුදු ශිල්පීන් හා විශේෂයෙන් නවකයන් බොහෝ පිරිසක් මීට සහභාගී වුණා. මෙවර පාස්කුවේ ප්‍රධාන චරිතය වන කි්‍රස්තු චරිතයට පණ පෙව්වේ ද නවකයෙකි. එසේම බාල තරුණ වැඩිහිටි යන හැම වයස් මට්ටමකම අය මීට සම්බන්ධ වුණා. ඔවුන් හැමෝ තුළම හො`ද හැකියාවන් තිබුණා. ඒ නිසාම මේ කර්තව්‍ය වඩාත් සාර්ථකව කරගන්නට ඔවුන් හැමදෙනාම සහය මට ලැබුණා.

විශේෂයෙන් ස්තූති කරන්න අය
පිටිපන මීසම් පාලක පියතුමා, ශා. මරියා දේවස්ථානයේ (A ) ගීතිකා කණ්ඩායම, ඒවගේම වේශ නිරූපණය කළ තරංග රුක්මල්වල මහතාටත් සියලූම න`ඵ නිළියන්ටත් හා නන් අයුරින් මට දායකත්වය දුන් සියලූදෙනාටත් ගමේ සියලූදෙනාටත් මගේ බිරි`ද ඇතු`ඵ දරුවන්ටත් මම ස්තූති කරන්න කැමතියි.

ඔහුගේ ලිපිනය - නො. 312, දකුණු පිටිපන, මීගමුව
ජීවනී ප්‍රනාන්දුපිටිපන.

No comments: